අයර්ලන්තය සමග තරගය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12ට

අයර්ලන්තය සමග තරගය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12ට

අයර්ලන්තය සමග තරගය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12ට

අබුඩාබි හි පැවති අයර්ලන්තය සමග තරගය ලකුණු 70කින් ජය ලැබීමත් සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

කාසියේ වාසිය දිනූ අයර්ලන්තයේ ආරාධනයෙන් පලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 08කට කඩුලු 03ක් බිදවැටී තිබියදී පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලබා පිටියට පිවිසි වනිදු හසරංග පැතුම් නිශ්ශංක සමග එක්වෙමින් ශ්‍රී ලංකා ඉණිම වඩාත් ශක්තිමත්ව ගොඩනගන්නට සමත් වුනේ ලකුණු 71ක් ලබමිනි.

පැතුම් නිශ්ශංක ලකුණු 61ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර විස්ස අවසන කඩුලු 07ක් දැවී ලකුණු 171ක් රැස් කරන්නට සමත් විය.
ලකුණු 172ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායමට පන්දු ඕවර 18පන්දු 03කදී සියල්ලන් දැවී රැස් කරන්නට හැකි වූයේ ලකුණු 101ක් පමණකි.
ඇන්ඩෘ බාර්බේනි ලකුණු 17කට කඩුලු 03ක් දවා ගත්අතර, චාමික කරුණාරත්න සහ ලහිරු කුමාර කඩුලු 02 බැගින් දවා ගන්නට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපර් 12 වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *