වතු පාලන අධිකාරියේ නිලධාරින්ගේ ජිවිතවල අවදානමක්

වතු කම්කරුවන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් නිසා වතු පාලනය කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇතැයි ලංකා වතු අධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති දයාල් කුමාරගේ මහතා පවසයි.

පවත්නා තත්ත්වය වතු පාලන අධිකාරියේ නිලධාරින්ගේ ජිවිතවල අවදානමක් පවතින බව ද ඔහු පවසයි.

තලවකැලේ වතු යායේ සහකාර වතු අධිකාරිවරයකුට සහ ක්ෂෙත්‍ර නිලධාරින් දෙදෙනකුට එම වතු යායේ වතු කම්කරුවන් පිරිසක් පසුගිය දා අමානුෂික ලෙස පහර දි තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් සිය විරෝධය දැක්විම සදහා අද දින නානුඔය රදැල්ල ක්‍රිඩාංගණ සංකිර්ණයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදි මේ බව පැවැසීය.

මේ සම්බන්ධයෙන් වැවිලි ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති එක්ක සාකච්ඡාවක් කරනවා . සමහර විට සංකේත වැඩ වර්ජනයකට යන්න වෙනවා නිලධාරින් විදිහට , තවමත් ඒ පිලිබදව තිරණයක් නැ .

අපි රාජකාරි කටයුතු සිදු කරන්නේ අපේ පාඩුවේ, තලවකැලේ සිද්ධිය ඉතාමත් අශෝභනයි, එම සහකාර වතු අධිකාරිවරයා එම වතුයායට ඇවිල්ලා මාස තුනක් නැ .

අපි නේද මැදිහත් වෙලා රටට අදායමක් ගෙනල්ලා දෙන්නේ, කොරොනා කාලේ එන්නත් නොමැතිව අපි වැඩ කළා.

මෙවැනි සිදු විම් අයෙත් සිදු වෙන්න ඉඩ තියන්න එපා කියලා අපි මිට කලින් ඇමතිවරුන් , වෘත්තිය සමිති එකතු වෙලා සාකච්ඡා කරා , නමුත් එකෙන් කිසිදු ප්‍රතිඵලයක් නැ.

අපිට කිසිදු ආරක්ෂාවක් නැ මේ ක්ෂේත්‍රයේ මෙයට පියවරක් ගන්නැයි අපි ජනපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *