“කොවිඩ් ඉවර වුණාම මේ රට හැරයන්න එපා. අපි එකතුවී මේ රට ගොඩනගමු. මේ රට හදන්න තාමත් අවස්ථාව තියෙනවා. – නලින්ද ජයතිස්ස

“කොවිඩ් ඉවර වුණාම මේ රට හැරයන්න එපා. අපි එකතුවී මේ රට ගොඩනගමු. මේ රට හදන්න තාමත් අවස්ථාව තියෙනවා. වැරදුණ තැන, වැරුද්දුවේ කවුද කියලා පැහැදිලියි. මේ වසංගතය අවසන් වුණාම රට ගොඩනැගිය හැකි පාලනයක් ගොඩනගන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වෙනුවෙන් අධිෂ්ඨාන කරගන්න කියලා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.

ඔහු මේ බව පැවසූවේ “කොවිඩ් වගකීම කාටද?” මැයෙන් ජාතික ජන බලවේගය විසින් 16වන දින පැවැත්වූ ඔන්ලයින් සම්මන්ත්‍රණය අමතමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස…

“කොවිඩ් වසංගතයෙන් පවා පැහැදිලි වන්නේ රටට එන ප්‍රශ්න තමන්ගේ කර නොගෙන අනුන්පිට පැටවීමට ආණ්ඩුව ක්‍රියාකරන ආකාරයයි. යුද්ධ කාලයේ හැම ආණ්ඩුවක්ම කීවේ අනිකුත් ප්‍රශ්නවලට හේතුව යුද්ධය බවයි. ඒ කාලයේ හැම ආණ්ඩුවක්ම යුද්ධයට මුවා වෙලා හිටියා. පාලකයන්ගේ අසමත්කම වහගන්න යුද්ධය කඩතුරාවක් කරගත්තා. දැන් යුද්ධය අවසන් කර වසර 12ක් වෙනවා. ඒ කාලය තුළ නියඟය, ගංවතුර, නායයාම්, පාස්කු ප්‍රහාරය ආදිය නිසා රට ඉස්සරහට නොයන බව කීවා. අද කොවිඩ් වසංගතය යොදාගනිමින් ඒ කතාවම කියමින් ඉන්නවා.

කොවිඩ් මර්දනයට ප්‍රමාදවී හෝ එන්නත් ලබාදීම හොඳයි. ඊට පස්සේ දැනටමත් අලුත් සෞඛ්‍ය ඇමතිවරයා කියා තිබෙන පරිදි හැමදේම දෙවියන්ට බාරදෙනවා. කොවිඩ් පැතිරීමේ වගකීම ජනතාව පිට පටවන්න ආණ්ඩුව උත්සාහ කරනවා. සෞඛ්‍ය නිර්දේශ පිළිපැද්දේ නැහැ කියලා චෝදනා කරන්නේ ජනතාවට. ආර්ථිකය හදන්න බැරිවුණේ කොවිඩ් නිසා බව කියනවා. හැබැයි 2020 මාර්තු දක්වා කාර්තුවක ආර්ථික වර්ධන වේගය සෘණ 1.6යි. මොකක් හරි කියලා වගකීම විතැන් කරන්න ආණ්ඩුව හරිම සමත්.
කොවිඩ් කියන්නේ වසංගතයක්. පළමු රැල්ල සමාජගත වෙන්න නොදී වළක්වා ගත්තාට දෙවෙනි රැල්ලේ ඉඳලා සමාජගත වුණා. හැබැයි ආණ්ඩුව ඒක පිළිගත්තේ නැහැ. පෑලියගොඩ පොකුර, බ්‍රැන්ඩික්ස් පොකුර, වැලිසර පොකුර වගේ එක එක නම් දැම්මා. වසංගතය සමාජගත වෙලා නම් එය මර්දනය කිරීමත් සමාජගත වෙන්න ඕනෑ. සමාජය එකට එකතුවී වසංගතය මර්දනයට යාන්ත්‍රණය සකස් කරන්න ඕනෑ. ගංවතුරක්, සුනාමියක්, නායයාමක් වගේ උවදුරකදී නම් විවිධ සංවිධානවලට එකතුවී විවිධ පුනරුත්ථාපන කටයුතු කරන්න පුළුවන්. නමුත් වසංගතයකදී එහෙම බැහැ. සමාජය බලමුළු ගන්වන්න ඕනෑ. ඒක කරන්න හැකියාව තියෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණයට. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වගේ ඉහළම නිලධාරීන්ගේ ඉඳලා පහළම සෞඛ්‍ය සේවකයා දක්වා මේ යාන්ත්‍රණය සක්‍රීය කරන්න ඕනෑ.

ඒ වෙනුවෙන් දැක්මක් සහිත දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. ජනතාව ගැන හිතන දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. හැබැයි මේ වසංගතයේ රැලි තුනම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී දේශපාලන නායකත්වය පරිණත වුණේ නැහැ. ලෝකයට ආව පළවැනි වසංගතය මේක නෙවෙයි. ක්‍රිස්තු පූර්ව ගණන්වල පවා වසංගත ඇවිත් තිබෙනවා. මෑතකදී සාර්ස්, මාර්ස් වගේ වෛරස් ආවා. මේ නිසා වසංගතවේදය කියන්නේ ලෝකයේ දියුණු වූ විෂයයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයට උපදෙස් දෙන පිරිස් පවා අපේ රටේ ඉන්නවා. වසූරිය මර්දනයේදී මහාචාර්ය තිස්ස විතාරණගේ දායකත්වය ලෝකය ගත්තා. වර්තමානයේ මහාචාර්ය මලික් පීරිස්ට චීනයේ නොබෙල් ත්‍යාගයට සමාන ත්‍යාගයක් පවා ලැබී තිබෙනවා. නමුත් අපේ පාලකයන් කටයුතු කළේ විද්‍යාඥයන්ගේ උපදෙස් අනුව නෙවෙයි. ඒ නිසා නියමිත වෙලාවට එන්නත් ටික රටට ලබා ගත්තේ නැහැ. වසංගත රෝග විද්‍යාඥයින්ට ඇහුම්කන් දීලා ක්‍රියා කළේ නැහැ.

එන්නත් දීමේ ප්‍රමුඛතාවන් තිබුණා. එයින් කරන්නේ ආසාදනය වළක්වන එක නෙවෙයි, මියයාම් අවම කිරීමයි. ඒ නිසා වයස අවුරුදු 60ට වැඩි අයට මුලින්ම එන්නත් දෙන්න තීරණය කළා. ඒ වගේම එන්නත් වර්ගවල පවතින වෙනස්කම් නිසා ඒවා ලබා දිය යුතු විවිධ පුද්ගල කණ්ඩායම් හඳුනාගෙන තිබුණා. නමුත් මේ ක්‍රමවේදයන් දෙකම දේශපාලනඥයන් බිඳදැම්මා. ලෝකයේම එන්නත්කරණය සම්බන්ධයෙන් කප් ගහපු අපට අපේ රටේ තරුණ තරුණියන් එන්නත් කරණයට කැඳවාගන්න සමත් වුණේ නැහැ. එයට හේතුව ඔවුන් සියලුදෙනාම ෆයිසර් එන්නත ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ඉඳීමයි. මේ සියල්ල වසංගතවේදය නොතකා ආණ්ඩුවේ අත්තනෝමතික දේශපාලන මැදිහත්වීමේ ප්‍රතිඵල.

ජනතාව තුළ එන්නත් ලබාදීමේ ක්‍රමවේදය සහ ලොක්ඩවුන් ක්‍රියාවලිය ගැන විශ්වාසය ආණ්ඩුවේ දේශපාලනඥයන් විසින් බිඳදැම්මා. ප්‍රභූවරුන්ගේ අවමගුල් උත්සව මගුල් උත්සව වගේ පැවැත්වූවා. අද පවතින ලොක්ඩවුන් එක ගත්තේ බල්ලො නාවන්න ඇදගෙන යනවා වගෙයි. දැනට මේ රැල්ලේ පසුබෑමක් තිබෙනවා. ඒ නිසා දැන් හරි ඔළුව පාවිච්චි කරලා වැඩ නොකළොත් තව රැලි එනවා. කොවිඩ් වගේ වසංගතයත් එක්ක සටන් කරලා ජනතාවගේ ජීවිත බේරගන්න මේ වගේ ආණ්ඩු සමත් වෙන්නේ නැහැ. ගෝලීය වසංගතයක් නිසා අපිට ලෝකයේ අත්දැකීම් උපයෝගී කරගෙන උත්තර හොයන්න වාසිදායක තත්වයක් තියෙනවා. එන්නත් ලබාගැනීම පර්යේෂණ පැවැත්වීම නිරෝධායන ක්‍රියාමාර්ග ගැනීම වගේ තත්වයන්වලදී ලෝකයේ දැනුම සහ අත්දැකීම් අපට ලබාගන්න හැකිවුණා.

නමුත් අනිකුත් සියලුම දෙයින් අසමත් වුණු ආණ්ඩුව මෙතනදීත් අසමත්වීමයි තියෙන්නේ. ඊටත් වඩා මේ ක්ෂේත්‍රයේ හිටපු අයට ඉල්ලා අස්වෙන්නත් සිදුවුණා. නැත්නම් අස් කළා. විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ ඉඳලා විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න සහ මහාචාර්ය නීලිකා මලවිගේ දක්වාම අය ඉල්ලා අස්වුණා. මේ ආණ්ඩුවට ගසාකන අය මිස සැබෑ වියතුන් සහ විද්‍යාඥයන්ගෙන් වැඩක් නැහැ. මහා බලයක් තියාගෙන වසංගතයට මුහුණ දෙන්න බැහැ. මෙය ගෝලීය වසංගතයක් බව කියනවා. අනිකුත් රටවල මරණ ගැන සංඛ්‍යා කියනවා. මේ විදිහට ගැලවිජ්ජාවක් මිස ඇත්ත ප්‍රශ්නයට උත්තර දීමක් ආණ්ඩුවට නැහැ.

තමන් වටා ඉන්න චෞර වලල්ල ගැන හිතන පාලකයන් මේ වගෙයි. අපි ජනතාවට කියන්නේ කොවිඩ්වලින් ජීවිතය බේරගත්තත් ඔබේ අනාගතය ගැන හිතන්න කියලා. සියලු ජනතාවගේ විශ්වාසය දිනාගෙන වැඩ කළ හැකි පාලනයක් අපේ රටට ඕනෑ කරනවා. එවැනි දැක්මක් සහිත නායකත්වයක් ඕනෑ. මේ රට හදන්න මැජික් කාරයන්ට බැහැ. දියසෙන් කුමාරයෙන් පහළ වෙන්නේ නැහැ කියලා ඕනෑවටත් වඩා ඔප්පු කරලා තියෙන්නේ. හැම දෙනාගේම සාමූහික නායකත්වයක් ඕනෑ. කොවිඩ් නෙවෙයි ඕනෑම වසංගතයකට මුහුණ දිය හැකි, මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත හැ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *