පිලිපීනය සමග ද්විපාර්ශ්වික වෙළඳාම හා ආයෝජන ශක්තිමත් කීරිමට පියවර

පිලිපීනය සමග ද්විපාර්ශ්වික වෙළඳාම හා ආයෝජන ශක්තිමත් කීරිමට පියවර

පිලිපීනය සමග ද්විපාර්ශ්වික වෙළඳාම හා ආයෝජන ශක්තිමත් කීරිමට පියවර

පිලිපීනය සමඟ ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජනය ශක්තිමත් කිරීම සඳහා, මැනිලා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටියි.

මේ අනුව අපේක්‍ෂිත ආයෝජන සඳහා අනුබල දීම පිණිස පිලිපීනයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ-ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිකයන් ඔවුන්ගේ ශ්‍රී ලාංකික සගයන් සමඟ සම්බන්ධ කර ගැනීම මේ වන විටත් ප්‍රගතියක් ලබා ඇති බව පිලිපීනයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

මෙම තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (SLASSCOM) සහ ආයෝජන මණ්ඩලය (BOI) සමඟ සහයෝගයෙන් යුතුව, EMAPTA, හින්දුජා ග්ලෝබල් සොලූෂන්ස්-පිලිපීනය, ට්‍රාන්ස්කොස්මෝස් ඒෂියා පිලිපීනය වැනි පිලිපීනයේ ක්‍රියාත්මක වන පිළිගත් සන්නිවේදන තාක්‍ෂණ-ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සමාගම් සඳහා පුළුල් කිරීම සඳහා වියහැකි ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්‍ධනය කිරීම පිණිස හඳුන්වාදීමේ හා ගවේෂණාත්මක හමුවීම් ගණනාවකට පහසුකම් සලසා තිබේ.

තානාපති කාර්යාලයේ මූලික ප්‍රයත්න සහ ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමයේ සහ ආයෝජන මණ්ඩලයේ පහසුකම් සැලසීම තුළින් ඕස්ට්‍රේලියාවේ සහ පිලිපීනයේ ප්‍රමුඛ පෙළේ අක්වෙරළ කාර්යමණ්ඩල සමාගමක් වන EMAPTA, එහි මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා උනන්දුව දක්වා ඇති අතර, අවශ්‍ය ක්‍රියා පටිපාටිය සඳහා දැනට ආයෝජන මණ්ඩලය සමඟ කටයුතු කරමින් සිටියි. සෙසු සමාගම් මෙන්ම, හින්දුජා ග්ලෝබල් සොලූෂන්ස් සමාගම ද පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳව අධ්‍යයනය කිරීමට සහ තත්වය යහපත් වූ විගස දිවයිනට පැමිණීමට සිය උනන්දුව ප්‍රකාශ කළේය.

කෘත්‍රිම බුද්ධිය, ස්වයංක්‍රීයකරණය, මානව සම්පත් මෘදුකාංග සහ විසඳුම් යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවේ නවෝත්පාදන සහ ඉහළ වටිනාකම් සහිත විසඳුම් පිලිපීනයේ දී වාණිජමය ලෙස යොදා ගැනීම සහ බෙදා හැරීම සඳහා වියහැකි හවුල්කරුවන් වෙත අඛණ්ඩව ප්‍රවර්‍ධනය කෙරේ.

මේ අතර, දෙරට අතර ඉහළ මට්ටමේ කර්මාන්ත සහයෝගීතාව සඳහා මෙම ක්ෂේත්‍රය පිළිබඳ දෙරටේ විශේෂඥතාවයෙහි වියහැකි අනුපූරක සංකලනයක් ඇති කිරීම පිණිස තානාපති කාර්යාලය පිලිපීනයේ තොරතුරු තාක්‍ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි සංගමය (IBPAP) සහ SLASSCOM සම්බන්ධ කර තිබේ.පිලිපීන තොරතුරු තාක්‍ෂණ-ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ශ්‍රම බලකායේ නිපුණතා ඉහළ නැංවීමේ අවශ්‍යතා ද සහයෝගීතාව සඳහා අධ්‍යයනය කෙරෙන අනෙකුත් ක්ෂේත්‍රයන්ට ඇතුළත් වේ.

ලොව පුරා විවිධ කර්මාන්තවල ප්‍රධාන වෙළඳපොලවල් සඳහා වූ කටහඬ පදනම් කරගත් සේවාවන් පිළිබඳ විශිෂ්ටත්වයට පත්ව සිටින පිලිපීනය, තොරතුරු තාක්‍ෂණ- ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරිකයෙකු බව සලකමින්, “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව, තානාපති කාර්යාලය සිය ආර්ථික රාජ්‍යතාන්ත්‍රික මුලපිරීම් තුළ ප්‍රමුඛතා ක්ෂේත්‍රයක් ලෙස තොරතුරු තාක්‍ෂණ-ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ අංශය හඳුනාගෙන තිබේ. ඇත්ත වශයෙන්ම, 2019 වසරේ දී පිලිපීනය මෙම කර්මාන්තය මඟින් ඩොලර් බිලියන 26.3 ක ආදායමක් උපයා ඇති අතර, පිලිපීන ජාතිකයන් මිලියන 1.3 කට රැකියා ලබා දී ඇතැයි ගණන් බලා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *