ශ්‍රී ලංකාවේ තත්වය පාලනය නොකරොත්, එළඹෙන ජනවාරි මාසය වන කොට කොරෝනා මරණ 18000 වේවි

මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින තත්වය පාලනයකින් තොරව ඉදිරියට ගියහොත් එළඹෙන ජනවාරි මාසය වන විට කොරෝනා මරණ 18000 ක් පමණ සිදුවිය හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සකස් කල වාර්තාවක සඳහන් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය, වසංගත රෝග හා සම්බන්ධ මහාචාර්යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් කන්ඩායමක් හා එක්ව සකස් කර ඇති මෙම වාර්තාව ඊයේ සෞඛ්‍ය අමාත්‍යංශයට බාරදී ඇතැයි වාර්තා වේ.

මෙම බිහිසුණු තත්වය වලක්වාගැනීම සඳහා ප්‍රමුඛතා පදනම මත වයස අවුරුදු 60 වැඩි පුද්ගලයන් සහ නිදන්ගත රෝග වලින් පෙළෙන පුද්ගලයන් එන්නත්කරණය කිරිම් සම්පූර්ණ කිරීම, දිස්ත්‍රික්ක අතර දැඩි සංචරණ සීමා පැණවීම, සති කිහිපයකට හෝ ඇඳිරිනීතිය පැණවීම, මහජන උත්සව සති කිහිපයකට තහනම් කිරිම, ආසාදිතයන් සහ මරණ නිවැරදිව ලබාදීම සහ සෞඛ්‍ය සේවකයන් ආරක්ෂා කිරීම වැනි යෝජනා රැසක් මෙම වාර්තාව තුල අන්තර්ග වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *