කුඹුරුමුලෙයිහි හමුදා යටතේ තිබුණු පුද්ගලික ඉඩම්, ඉඩම් හිමිකරුවන් වෙත භාර දෙයි

කුඹුරුමුලෙයිහි හමුදා පාලනය යටතේ තිබුණු පුද්ගලික ඉඩම්, ඉඩම් හිමිකරුවන් වෙත භාර දෙයි

කුඹුරුමුලෙයිහි හමුදා පාලනය යටතේ තිබුණු පුද්ගලික ඉඩම්, ඉඩම් හිමිකරුවන් වෙත භාර දෙයි

මඩකලපුව – කුඹුරුමුලෙයිහි හමුදා පාලනය යටතේ තිබුණු පෞද්ගලික ඉඩමක් එහි ඉඩම් අයිතිකරු වෙත භාර දෙන ලදී.

හමුදා පාලනය යටතේ තිබුණු අක්කර 35 ක පෞද්ගලික ඉඩම, පසුගිය 2018 වර්ෂයේ හිමිකරුවන් වෙත භාර දෙන ලදී. ඉතිරි
අක්කර 5 ක ඉඩම් ප්‍රමාණය හිමිකරුවන් වෙත භාර දීමේ උත්සවය අද පැවතිණි.

එසේම, එහි අයිතිකරුවන් හඳුනාගෙන, ඔවුන් වෙත භාර දීම සඳහා තවත් අක්කර 7 ක ඉඩම් ප්‍රමාණයක් ඔවුන් වෙත නිදහස් කරන ලදී.

මේ සඳහා වූ ලියකියවිලි, වාලෙයිචේනෙයි – කෝරළේපත්තු ප්‍රාදේශීය ලේකම්වරයා වෙත භාර දෙන ලදී.

යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රජයේ නිලධාරීන් සහ ඉඩම් හිමිකරුවන් ඇතුළු පිරිසක් මෙයට සහභාගී වූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *