රිය අනතුරකින් හයසින්ත් විජේරත්න අභාවප්‍රාප්ත වේ

රිය අනතුරකින් හයසින්ත් විජේරත්න අභාවප්‍රාප්ත වේ

රිය අනතුරකින් හයසින්ත් විජේරත්න අභාවප්‍රාප්ත වේ

නුවරඑළිය ප්‍රදේශයේ රූගත කිරීමකට ගොස් ආපසු එමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පී හයසින්ත් විජේරත්න ගමන් ගත් වෑන් රථය ලිඳුල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මියයන විට හයසින්ත් විජේරත්න මහත්මිය 75 වන වියේ පසුවිය.

ටෙලිනාට්‍යයක් රූගත කිරීමේ කටයුතු අවසන් කොට (30) රාත්‍රී නැවත කොළඹ බලා පැමිණීමේ දී මෙම අනතුරව ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

වෑන් රථ රියැදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය නිසා මෙම අනතුර සිදුව ඇති බවත් රියදුරු ලිඳුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *