මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහය ප්‍රතිසංස්කරණයට පක්ෂ 10 කින් යෝජනා 138

මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව, ඒ සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පිළිගත් දේශපාලන පක්ෂ 10 කින් යෝජනා හා අදහස් ඉදිරිපත් වී තිබෙනවා. එම කාරක සභාවේ සභාපති, සභානායක, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

යෝජනා ඉදිරිපත් කිරීමට පිළිගත් දේශපාලන පක්ෂවලට ලබා දී තිබූ කාලය ජූලි 15 වැනිදා අවසන් වූ බවයි අමාත්‍යවරයා කියන්නේ. මේ වන විට කාරක සභාවට ලැබී ඇති යෝජනා හා අදහස් සංඛ්‍යාව 138 ක් බව කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂාණී රෝහණධීර මහත්මිය පවසනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *