පාන් පිටි වැඩි නොකරන බවට සමාගම් පොරොන්දු වෙයි

පාන් පිටි (තිරිඟු පිටි) මිල ඉහළ නොදමනට බවට ආනයනික සමාගම් දෙක පොරොන්දු වූයේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

පාන් පිටි ආනයන කරන සමාගම් දෙකම මුහුණදී තිබෙන ගැටලුවලට රජය මැදිහත් වී සහන ලබාදීමට අදාල අංශ සමඟ සාකච්ඡා කරන බවත් පාන් පිටි සහ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොයන බවත් අමාත්‍යවරයා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පාරිභෝගික අධිකාරියේ අනුමැතියකින් තොරව පාන් පිටි කිලෝවක් රුපියල් 18 කින් ඉහළ දැමූ සමාගමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්ව සිටියදී අදාල සමාගම සමඟ සාකච්ඡා කළ බවත් එහිදී ඔවුන් පිටි මිල වැඩි නොකරන බවට පොරොන්දු වූ බවත්ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *