ඉතා ඉක්මනින් රාජපක්ෂලාට එරෙහි දේශපාලන කුණාටුවක් ඇති වේ – චම්පික රණවක

ඉතා ඉක්මනින් රාජපක්ෂලාට එරෙහි දේශපාලන කුණාටුවක් ඇති වේ - චම්පික රණවක

ඉතා ඉක්මනින් රාජපක්ෂලාට එරෙහි දේශපාලන කුණාටුවක් ඇති වේ - චම්පික රණවක

රාජපක්ෂලාට එරෙහි දේශපාලන කුණාටුවක් රට පුරා සියළුම ප්‍රදේශවලින් පැන නගිමින් පවතී. එය ඉතා ඉක්මනින් රාජපක්ෂලාට විරුද්ධ විශාල දේශපාලන කුණාටුවක් බවට පත් වේවි. එයට නායකත්වය දීමට අපි සූදානම්ව සිටින්නෙමු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා ප්‍රකාශ කර ඇත.

බැසිල් රාජපක්ෂට මොන ඇමති පදවිය පිරි නැමුවත් ඔහුට කිසිඳු දෙයක් කළ නොහැකි බව මාස තුනකින් හෙළි වේවි. රාජපක්ෂලා රටට ශාපයක් වේවි යැයි චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. කොළඹ පිහිටි ඔහුගේ නිවසේ දී (02) සිකුරාදා දින පැවති මාධ්‍ය හමුවක දී මේ පිළිබඳව ප්‍රකාශ කළ ඔහු, තව දුරටත් කියා සිටියේ,

“ජනාධිපති සහ අගමැතිගේ නායකත්වයෙන් යුත් රජය කොවිඩ් මර්දන ක්‍රියාමාර්ග සහ ආර්ථික යනාදිය කළමනාකරණය කර ගැනීමට නොහැකිව රාජපක්ෂලා දැඩි අර්බුදයකට මුහුණ පා තිබේ. මේ හේතුවෙන් දේශපාලන කුණාටුවක් රජයට විරුද්ධව ජනතාව අතර මතු වෙමින් පවතී. රටේ රැකියා කරන ජනතාව 80 ලක්ෂයක් පමණ සිටී. ඔවුන්ගෙන් ලක්ෂ 14 – 26 අතර රාජ්‍ය අංශයේ රැකියා කරන පුද්ගලයින් සිටී. ලක්ෂ 40ක් ස්වයං රැකියාවේ නිරත වේ. මෙම 40 ලක්ෂ ජනතාවම අද දුක්ඛිත තත්ත්වයට පත් වී ඇත. ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය 6% දක්වා අඩු කිරීමට අපට හැකි විය. නමුත් අසංවිධානාත්මක කොවිඩ් මර්දන වැඩසටහන් සහ අක්‍රමවත් ආර්ථික කළමනාකරණය නිසා මෙම තත්තවය උදා වී ඇත.

මෙවැනි තත්ත්වයක, පසුගිය අප්‍රේල් මාසයේ මව්රට වන ඇමරිකාවට ගොස් සිටි බැසිල් රාජපක්ෂ වර්තමානයේ සංචාරකයෙක් ලෙස නැවත මෙරටට පැමිණ ඇත. ඔහු මව්රටට යාමට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. නමුත් කිසිඳු මූල්‍ය කළමනාකරණයක් නොමැතිව රට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇත. රට මුහුණ පා ඇති මෙම ආර්ථික අර්බුදයට බැසිල් රාජපක්ෂ නියත වශයෙන්ම වගකිව යුතුයි.

එමෙන්ම වර්තමානයේ ඔහුට මුදල් ඇමතිකම පමණක් නොව මොන ඇමතිකම ලබා දුන්නත් ඔහුට කිසිවක් කළ නොහැකිය. අමාත්‍ය පදවිය පිරිනමා මාස 3ක් ඇතුළත එය අපට දැක ගත හැකි වේවි. කිසිඳු රාජපක්ෂවරයෙකුට රට ගොඩනැගිය නොහැකි බව අප කලින්ම ප්‍රකාශ කලෙමු. මහින්ද රාජපක්ෂ පාලන සමයේ යුධ ජයග්‍රහණය උලුප්පා දක්වමින් ඔහු සියළුම ගැටළු විසඳන බව ප්‍රකාශ කළහ. ඔහුගේ පරාජයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ පිටුපස සිට යුද්ධය අවසන් කළ බව ප්‍රකාශ කළෝය. වර්තමානයේ දී ඔහුද අසාර්ථක වී ඇති හෙයින් බැසිල් රාජපක්ෂ ගැන කතා කරයි. ඉදිරි අවුරුදු 3 දී නාමල් රාජපක්ෂ නිසා මැතිවරණය ජයග්‍රහණය කළ බව පවසාවි.

නමුත් කිසිඳු රාජපක්ෂවරයෙකුට රට ගොඩනැගිය නොහැකි බව ජනතාව තේරුම් ගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂගෙන් පසු රටේ නායකත්වය ලබා දිය යුත්තේ කාටදැයි ජනතාව තීන්දු කරනු ඇත”.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *