(VIDEO) කොරෝනා වසංගතය බැරෑරුම් අභියෝගයක් වුවත් ඒ අභියෝගය බාර ගෙන ජනතාවගේ අරමුණු ඉටු කරනවා – ජනාධිපති

කොරෝනා වසංගතය බැරෑරුම් අභියෝගයක් වුවත් ඒ අභියෝගය බාර ගෙන ජනතාවගේ අරමුණු ඉටු කරනවා - ජනාධිපති

කොරෝනා වසංගතය බැරෑරුම් අභියෝගයක් වුවත් ඒ අභියෝගය බාර ගෙන ජනතාවගේ අරමුණු ඉටු කරනවා - ජනාධිපති

කොරෝනා වසංගතය බැරෑරුම් අභියෝගයක් වුවත් ඒ අභියෝගය බාර ගෙන ජනතාවගේ අරමුණු ඉටු කිරීමට හැකි උපරිමයෙන්ම කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් මීට සුළු මොහෝතකට පෙර ප්‍රකාශ කළේය.

මේ අරමුණු ඉටුකර ගැනීමට බුද්ධිමත් ජනතාව තමාටත් තම රජයටත් දිගටම සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවැසූ ජනාධිපතිවරයා රටට සෞභාග්‍ය උදාකර ගත හැක්කේ සියලු දෙනා නිසි සැලැස්මක් ඇතිව වෙහෙස වී වැඩ කළහොත් පමණකැයි ද සඳහන් කළේය .

රටේ ජනගහනයෙන් එක් කෝටි තිස් ලක්ෂයකට මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට අපේක්ෂා කරන බවත් වයස 30ට වැඩි සියලු දෙනාද මේ කාලයේදී එන්නත්කරණයට ලක්කරන බවත් ඔහු පැවසුවේය.

ජනතාව තමා ජනාධිපති තනතුරට පත් කළේ විශාල බලාපොරොත්තු ඇතුව බව කී ගෝඨාභය රාජපක්ෂ මහතා මොන තරම් බරපතළ ප්‍රශ්න මැද්දේ වුවත් ඒ බලාපොරොත්තු ඉටු කිරීමට තමා බැඳී සිටින බවද අවධාරණය කළේය.

රට මුහුණ දී සිටින ගැටලුවලින් මුදාගෙන ජනතාවට සෞභාග්‍ය උදා කිරීමේ අරමුණ වෙනුවෙන් තමා කැපවෙන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

තමා හැම විටම ක්‍රියා කරන්නේ සැලසුමකට අනුව බවත් අනාගතය සැලසුම් කරන විට අතීතය අමතක නොකර වර්තමානය හොඳින් විමසා වටහා ගත යුතු බවත් රාජපක්ෂ මහතා පැවසුවේය.

රටේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වූ සැලසුම් ගෝලීය කොරෝනා වසංගතය නිසා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට නොහැකි වාතාවරණයක් ඇති වූ බවත් ගෝලීය කොරෝනා වසංගතය වසංගතය අද මෙරටට පමණක් නොව සමස්ත ලෝකයටම බරපතළ ගැටලුවක් වී ඇති බවත් ජනාධිපතිවරයා පැවසුවේය.

කොරෝනා සාර්ථකව පාලනය කිරීමට නම් රජය පැනවූ දැඩි සමාජ දුරස්ථතා නීතිවලට ජනතාව වගකීමෙන් සහාය දිය යුතු බව පැවසූ රාජපක්ෂ මහතා සෞඛ්‍ය ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්නේ යැයි කෙතරම් උපදෙස් දුන්නත් සමහර ජනකොටස් එයට සම්පූර්ණ සහාය නොදුන් බවද සඳහන් කළේය.

සිංහල අවුරුදු සමයේ දී ජනතාව අවිධිමත්ව විශාල ලෙස කණ්ඩායම් ගැසී සංචාරය කිරීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස රට දැන් කොරෝනා තුන්වෙනි රැල්ලකට මුහුණදී ඇතැයිද ජනාධිපතිවරයා කීවේය.

පුද්ගල ප්‍රතිරූප පිම්බීම සඳහා ප්‍රචාරණ කටයුතු නොකළාට ආණ්ඩුවක් කරන වැඩ ගැන ජනතාව දැනුවත් විය යුතු බවත් එසේ නොවුණහොත් දේශපාලන අවශ්‍යතාව මත වැරදි තොරතුරු ජනගත කිරීමට ආණ්ඩුවේ ප්‍රතිවාදීන්ට අවස්ථාව ලැබෙනු ඇති බවත් ඔහු පැවසුවේය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස සත්‍ය යටපත් වී බොරුව ජය ගැනීමට ඉඩ ඇතැයිද ප්‍රකාශ කළේය.

සමාජ මාධ්‍යවල ප්‍රශ්න කෙරුණේ ප්‍රශ්නගත සිද්ධීන් පමණක් බවත් කොරෝනා අර්බුදය මැද රජය කරගෙන ගිය සංවර්ධන ව්‍යාපෘතිවලින් රටට ජනතාවට ලැබුණු ප්‍රතිලාභ ගැන කිසිවකුත් කතා නොකළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

සමහරුන් තමන්ගේ පෞද්ගලික ඉල්ලීම් ඉටු නොවුණා කියා රජය සමග අමනාප වී රජය අසාර්ථක යැයි මතයක් ජනගත කිරීමට අද උත්සාහ දරන බවක් පෙනෙන්නට ඇතැයි කී ඒ මහතා තමාට අවශ්‍ය වන්නේ කීපදෙනකු සතුටු කිරීම සඳහා ප්‍රතිපත්ති වෙනස් කිරීම නොව තමා පොරොන්දු වූ ආකාරයට සෞභාග්‍යයෙ දැක්ම මනාව ක්‍රියාත්මක කිරීම යැයි ද ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *