ශ්‍රී ලංකාවට G.S.P බදු සහන අහිමි වීමෙන් වැඩියෙන්ම බලපාන්නේ ධීවරයන්ටයි – එම්.ඒ. සුමන්තිරන්

ශ්‍රී ලංකාවට G.S.P බදු සහනය අහෝසි කරන ලෙස යෝජනාවක් යුරෝපීය පාර්ලිමේන්තුව සම්මත කර ගෙන ඇත. එය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වේවි. එවැනි තත්ත්වයක් මත ධීවර ප්‍රජාව දැඩි ලෙස දුෂ්කරතාවයන්ට ලක් විය හැකි බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.

ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ , ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු තීරයේ ධීවර කර්මාන්තයේ යෙදීම තහනම් කර තිබේ. නෞකාවෙන් සිදු වූ විනාශය දැඩි ලෙස අපගේ රටට බලපෑමක් ඇති කිරීමට යයි. මෙය ආර්ථික වශයෙන් විවිධ ක්ෂේත්‍රයන්ට බලපෑමක් ඇති කරයි. නෞකාවේ විනාශය නිසා ඇති වූ බලපෑම ප්‍රදේශයේ ධීවර පවුල්වලට රැකියාවන් කිරීමට නොහැකි තත්ත්වයක් උදා කර තිබේ. ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල යෙදීම සඳහා අනුමැතිය ලැබී ඇත. ගැඹුරු මුහුදේ කටයුතුවල යෙදෙන ධීවරයින් ඉතා කුඩා ප්‍රමාණයකි. මෙවැනි තත්ත්වයක් මත, බස්නාහිර මුහුදු තීරයේ ධීවරයින් එහි රැකියාවේ යෙදීමට නොහැකිව ඔවුන්ව උතුරු නැගෙනහිර මුහුදු තීරයේ රැකියාවේ යෙදවීමේ කටයුතු සිදු වෙමින් පවතී.

මෙම සිද්ධිය මත ධීවර කටයුතු අමාත්‍යවරයා මුළු රටේම ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යුතුයි. මෙරට ධීවරයින්ට සිදුවෙන සියළු විපත්වලදී ඔහු මැදිහත් විය යුතුයි. එම කරුණු මත නෞකාවේ සිද්ධිය ඇති වී ඇති හේතුවෙන් උතුරු නැගෙනහිර ධීවරයින්ට ආදායම වැඩි කර ගත හැකි යැයි පැවසීම ඔහුගේ වගකීම් විරහිත ප්‍රකාශයකි. එපමණක් නොව අනාගතයේදී උතුරු නැගෙනහිර ධීවරයින්ට ද, මෙහි බලපෑම් ඇති විය හැකි අනෙකුත් ප්‍රදේශවල ධීවර කර්මාන්තයේ යෙදීමට නොහැකි අය මෙම ප්‍රදේශයට සංක්‍රමණය වීමට හැකියි. එම කටයුත්ත ඔහු විසින්ම සිදු කිරීමට ඉඩ ඇත. එහෙයින් ධීවර කටයුතු අමාත්‍යවරයා ද්‍රවිඩ ජනතාවගේ අමාත්‍යවරයා යැයි ප්‍රකාශ කිරීම ඔහුගේ වැරදි ප්‍රකාශයක් වේ.

තවදුරටත් GSP+ බදු සහනය ඉවත් කළ යුතු යැයි යෝජනාව යුරෝපීය පාර්ලිමේන්තුවේ සම්මත කර ගෙන ඇත. 2015 වර්ෂයේ ත්‍රස්තවාදී මරධන ඉවත් කරන බවට දුන් පොරොන්දුව මත GSP+ බදු සහනය නැවත ලබා දෙන ලදී. දැනට වර්ෂ 4ක් ඉකුත් වී ත්‍රස්තවාදී මර්ධන පනත ඉවත් නොකරපු හේතුවෙන් GSP+ බදු සහනය අහිමි කරන බව ප්‍රකාශ කර ඇත. එය ඉක්මනින් ක්‍රියාත්මක කරාවි. මේ නිසා විශාල ලෙස විපතට පත් වන්නේ මාළු අපනයනය කරන අය බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *