චීන- ශ්‍රී ලංකා වෙළෙද හා ආර්ථික සහයෝගතා සංගමය ස්ථාපිත කෙරේ

චීන- ශ්‍රී ලංකා වෙළෙද හා ආර්ථික සහයෝගතා සංගමය ස්ථාපිත කෙරේ

චීන- ශ්‍රී ලංකා වෙළෙද හා ආර්ථික සහයෝගතා සංගමය ස්ථාපිත කෙරේ

චීන- ශ්‍රී ලංකා වෙළෙද හා ආර්ථික සහයෝගතා සංගමය ස්ථාපිත කෙරේ. චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංගමය බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ස්ථාපිත කෙරිණ.

දෙරට අතර ආර්ථික හා වෙළෙද සබදතා තවදුරටත් පුළුල් කිරීම අරමුණයි. මෙම සංගමය හරහා අනාගතයේ දී වඩාත් වැඩි ශ්‍රී ලංකා නිශ්පාදන චීන වෙළෙදපොලට හදුන්වාදීමට අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කරන බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පැවසීය.

එහිදී අදහස් දැක්වූ චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාණිජ අමාත්‍ය ඇලෙක්සි ගුණසේකර මහතා සදහන් කළේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළවෙල යටතේ ශ්‍රී ලංකාවට වැඩි ආර්ථික හා වෙළෙද අවස්ථා ග්‍රහනය කර ගැනීමට මෙම සංගමය මගින් අවස්ථාව සැලසෙනු ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *