ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලංකාවේ වත්මන් තත්ත්වය ගැන එහි රාජ්‍යතාන්ත්‍රිකයින් දැනුවත් කරයි

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ගැන අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයින් දැනුවත් කිරීමට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ගැන අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයින් දැනුවත් කිරීමට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු

මෙරට සිවිල් යුද්ධය පැවති සමයේ ඇති වූ බවට LTTEය විසින් ජාත්‍යන්තරයට ගෙන ගිය චෝදනා සහ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අමෙරිකානු රජය දැනුවත් කිරීමට එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර තිබේ.

එම සාකච්ඡාව පසුගිය සිකුරාදා ලාස් වේගාස්හීදි පැවැත් වුණි.

ඒ ඇමරිකානු කොංග්‍රස් සභික ඩීනා ටයිටස්, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ සහ එරට කොන්සියුලර් ජනරාල් ලලිත් චන්ද්‍රදාස යන මහත්ම මහත්මීන් ප්‍රධානත්වයෙනි.

ලාස් වේගාස් හි ශ්‍රී ලංකා අමෙරිකා සංගමය වෙනුවෙන් එහි ආරම්භක සාමාජික සංජේ සේදර මහතා විසින් සම්බන්ධීකරණය කළ මෙම සාකච්ඡාවේදී මේ වනවිට ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය, කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව අමෙරිකානු රජයේ අවධානය යොමු කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවට ලබාදීම‍ට අදහස් කර ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ප්‍රමාණය වැඩි කර ගැනීමටත් හැකි ඉක්මනින් එහි පළමු සහ දෙවන මාත්‍රා ශ්‍රී ලංකාවට යැවීමටත් එකඟතාවයක් ඇතිකර ගැනීමට එහිදී හැකිවී තිබේ.

එමෙන්ම අමෙරිකානු කොංග්‍රසයට ඉදිරිපත් කර ඇති House Resolution 413, මගින් පෙන්වාදෙන අයුරින් යුද්ධය පැවති සමයේ මෙන්ම පශ්චාත් යුද සමයේ කිසිම් අයුරකින් ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් කඩ වී නැති බවත්, මානුෂිය මෙහෙයුම් උපරිම මානුෂිය අන්දමින් කෙරුණු බවත් තානාපති රවිනාථ ආර්යසිංහ මහතා මෙහිදී කරුණු පැහැදිලි කර ඇත.

ඒ පිළිබඳව දැඩි අවදානය යොමුකළ, ඩීනා ටයිටස් මහත්මිය කොංග්‍රස් සභාවේ සියලුම සමාජිකයින් ඒ පිළිබඳව දැනුවත් කරන බව සඳහන්කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *