රජයෙන් දුන් රුපියල් 5000න් දඹුල්ලේ ග්‍රාම නිලධාරී කෙනෙක් කොටසක් ඉල්ලලා

පෝෂණ ඌණතාවයෙන් පෙළෙන පවුල් 61,000කට මසකට රුපියල් 10,000ක්

පෝෂණ ඌණතාවයෙන් පෙළෙන පවුල් 61,000කට මසකට රුපියල් 10,000ක්

කොරෝනා වසංගතය හේ හේතුවෙන් පීඩාවට පත් අසරණ ජනතාවට රජය විසින් ලබා දෙනු ලබන රුපියල් පන්දහසක් පමණ වටිනවා වියලි ආහාර බඩු මල්ල ලබා ගනිද්දී රුපියල් 500ක මුදලක් ග්‍රාම නිලධාරී ගොඩනැගිල්ලක් අලුත්වැඩියාවක් සදහා අය කර ගන්නා පුවතක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිකවටවන ග්‍රාම සේවා වසමේ 07 දින වාර්තා වුණා.

නිකවටවන ග්‍රාම සේවා නිලධාරී කාර්යාලයේ (07) දින උදෑසන රුපියල් පන්දහසේ දීමනාව සමෘද්ධි සංවර්ධන නිලධාරිනිය විසින් ලබා දෙමින් සිටියදී පෙරදින වියලි ආහාර බඩුමලු ලබාගත් රු.500 ලබා නොදුන් සියලු දෙනා රජය විසින් ජනතාවට ලබාදෙන රුපියල් පන්දහසේ මුදලින් එය ලබා දිය යුතු බවට දන්වා ඇති බව එම ජනතාව පවසනවා.

අසරණ වී සිටින ජනතාව නගන චෝදනාව සත්‍යයක් දැයි සොයා බැලීම සඳහා අප (07) දින දහවල් නිකවටවන ග්‍රාම නිලධාරී කාර්යාලයට ගිය අවස්ථාවේදී එහි රුපියල් පන්දහසේ මුදල ලබා ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටියා.

සමෘද්ධි සංවර්ධන නිලධාරිනිය විසින් එම අයට කිසිදු අය කිරීමකින් තොරව රජයේ රුපියල් පන්දහසේ මුදල ලබා දීම සිදු කරමින් සිටියා.

මෙම ස්ථානයට පැමිණ සිටි පෙර දින එනම් (06) වන දින රුපියල් 5000ක බඩු මල්ල ලබා ගත් බොහෝ දෙනෙකු කියා සිටියේ වසමේ ග්‍රාම නිලධාරිවරයා විසින් දැනුම් දුන් පරිදි වියළි සලාක ලබා ගැනීමේදී ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් 500ක මුදලක් අය කළ බවයි.

එම මුදල ලබා දීමට නොහැකි මුදල් නොමැති අය මෙදින රුපියල් පන්දහසේ මුදල ලබා ගෙන එම මුදල වසමේ කිහිප දෙනෙකු නම් කොට එම අයට ලබා දෙන ලෙස දැනුම් දුන් බවද ජනතාව පැවසුවා.

මෙම ස්ථානයට එක වරම පැමිණි සිගිරිමුල්ල විහාරයේ විහාරාධිපති කොස්ගහින්නේ ජිනානන්ද හිමියන් කියා සිටියේ තමන්ට ද සමෘද්ධි මුද්දරය පවා අහිමි වී ඇති බවයි.

එමෙන්ම රුපියල් පන්දහසේ මුදලද පන්සලට අහිමි වී ඇති බවට ද චෝදනා කළා. පසුව රුපියල් පන්දහසේ බඩු මල්ල ලබා දීමේ දී මෙම ජනතාවගෙන් රුපියල් 500ක මුදලක් එකතු කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේ දැඩිව විවේචනය කරන්නට වූ අතර එම අවස්ථාවේම නිකවටවන වසමේ ග්‍රාම නිලධාරී ඩබ්ලිව්.එම්.යු.විජේතුංග මහතාට දුර දුරකථනයෙන් කථා කොට උන්වහන්සේ මේ පිළිබඳව විමසන්නට වුණා.

එහිදී ග්‍රාම නිලධාරිවරයා කියා සිටියේ මුදල් එකතු කිරීම බඩු මල්ල බෙදා දීම හා සම්බන්ධයක් නොමැති බවයි. කෙසේවෙතත් මෙම ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා මුදලුදලක් එකතු කරන බවද කියා සිටියා.

පසුව එම ස්ථානයේ සිටි පිරිසගෙන් විහාරාධිපති ජිනානන්ද හිමියන් රුපියල් පන්දහසේ බඩු මල්ල ලබා ගැනීමේ දී රුපියල් 500ක මුදලක් ඉල්ලා සිටීම හා ලබා දුන් පිරිස් කවුදැයි කරුණු විමසන්නට වුණා.

එම අවස්ථාවේදී මුදල් ලබා දුන් බොහෝ දෙනා මෙන්ම රුපියල් පන්දහසේ මුදල් ලබා ගෙන එම මුදල ලබා දීමට තීරණය කර ඇති බව ජනතාව පැවසූ අතර උන්වහන්සේ මුදල් එකතු කරන වසමේ නියෝජිතවරයා සොයා අප සමග ගමන් කරන්නට වුණා.

එම ගම්මානවල ජනතාව ද අප සමග කියා සිටියේ රජය විසින් ලබා දුන් රුපියල් පන්දහසේ බඩු මල්ල ලබා ගන්නා අවස්ථාවේ දී රුපියල් පන්සීයක මුදලක් එකතු කිරීම සඳහා ග්‍රාමනිලධාරිවරයා තම ගමේම නියෝජිතයින් පත් කර තිබුණු බවත් ඔහුට රුපියල් 500 ක මුදල ලබා දුන් බවත්ය.

එම සාකච්ඡාව සහ ප්‍රකාශය කරමින් සිටියදී එකවරම එම ස්ථානයට මුදල් එකතු කරමින් සිටි ගමේ නියෝජිතයා පැමිණීමත් සමග විහාරාධිපති හිමියන් ඒ මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ ග්‍රාම නිලධාරීවරයාගේ උපදෙස් පරිදි මුදල් එකතු කිරීම සිදු කළ බවයි.

මේ වන විටත් රුපියල් 8000ක මුදලක් තමන් සතුව තිබෙන බවත් ඒ මහතා පැවසුවා.

බඩු මල්ල ලබා දීම සහ රුපියල් 500 එකතු කිරීමේ අතර කිසිදු සම්බන්ධතාවයක් නැති බව ඒ මහතා පැවසූ අතර රුපියල් 500 ක මුදල ලබා දුන් නාම ලේඛනය පිළිබඳව විමසීමේ දී ඔහු එම නාම ලේඛනය අපට පෙන්නුවා.

නාම ලේඛනයේ සියලු දෙනා රු. 500 මුදල ලබා දී තිබෙන බවත් ඔවුන් සියලු දෙනා රජය විසින් ලබා දුන් රුපියල් පන්දහසේ බඩු මල්ල ලබාගත් අය බව ඒ මහතා සඳහන් කළා.

පසුව දුරකථනය හරහා එම අවස්ථාවේදීම වසම භාර ග්‍රාම නිලධාරිවරයා සම්බන්ධ කරගෙන මේ පිළිබඳව විමසීමේ දී කියා සිටියේ මුදල් එකතු කොට ග්‍රාම නිලධාරී ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමෙන් පසුව තමන් හෝ තමන්ගේ දරුවන් එහි පදිංචියට නොඑන බවයි.

කෙසේ වෙතත් ග්‍රාම නිලධාරී ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා ඇස්තමේන්තුවක් සිදු කර ඇත්දැයි විමසීමේදී ග්‍රාමනිලධාරිවරයා දුරකතනය විසන්ධි කළා.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතාගෙන් මේ පිළිබඳව දුරකථනය හරහා විමසීමේ දී කියා සිටියේ තමන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවත් එවැනි මුදල් එකතු කිරීමක් කිසිසේත් සිදු කිරීම සඳහා තමන්ගෙන් අවසරයක් ලබා ගෙන නොමැති බවය.

රජය විසින් ලබාදෙන මෙම සහන මල්ල උපයෝගී කරගෙන කිසිදු මුදලක් අය කිරීමට ඉඩ ලබා නොදෙන බවත් ඒ මහතා අප සමඟ පැවසුවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි අය කර ඇත්නම් එම මුදල් ග්‍රාම නිලධාරිවරයා හරහා ම එම ජනතාවට බෙදා දීමට අවශ්‍ය පියවර ගන්නා බවත් මෙම තොරතුර දැනුම් දීම සම්බන්ධයෙන් මාධ්‍යය ස්තුතිවන්ත වෙන බවද ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.

– AM

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *