Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයෝ වාර්ෂික ක්‍රිකට් ගිවිසුමට අත්සන් තැබීම තරයේ ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයෝ වාර්ෂික ක්‍රිකට් ගිවිසුමට අත්සන් තැබීම තරයේ ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයෝ වාර්ෂික ක්‍රිකට් ගිවිසුමට අත්සන් තැබීම තරයේ ප්‍රතික්ෂේප කරයි

විනිවිදභාවයෙන් තොර වාර්ෂික ක්‍රිකට් ගිවිසුමට අත්සන් තැබීම ක්‍රීඩකයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව වාර්ෂික ක්‍රිකට් ගිවිසුමට ඇතුළත් ක්‍රීඩකයන් 24 දෙනා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මේ වන විට සකස් කර ඇති වාර්ෂික ගිවිසුමේ ක්‍රීඩකයන් තක්සේරු කිරීම විනිවිදභාවයෙන් තොර බවත් එහිදී ලකුණු ලබා දුන් ක්‍රමය පිළිබඳව තනි තනි ක්‍රීඩකයා දැනුවත් කර එය පිළිගත හැකි ආකාරයට සිදුකළ යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.

වාර්ෂික ක්‍රිකට් ගිවිසුම අසාධාරණ, හේතු විරහිත සහ අත්තනෝමතික එකක් බවත් ක්‍රීඩකයන් එම ගිවිසුම අත්සන් කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Exit mobile version