ලංකාවේ කොරෝනා ප්‍රභේද 6ක් ව්‍යාප්තවන බව ශ්‍රී ජයවර්ධනපුර පර්යේෂණ කණ්ඩායමක් සොයාගනී

කොරෝනා ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ පවත්වන මහාචාර්ය නීලිකා මලවිගේ, ආචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු ශ්‍රී ජයවර්ධනපුර පර්යේෂණ කණ්ඩායම විසින් රට තුළ පැතිරෙන කොරෝනා ප්‍රභේද හයක් දැනට සොයාගෙන තියෙනව.

ඒ අනුව වඩා වේගයෙන් ව්‍යාප්ත වන සහ මාරාන්තික B 1.1.7 ප්‍රභේදය කොළඹ, කළුතර, මහනුවර, කුරුණෑගල, පොලොන්නරුව සහ මන්නාරම යන දිස්ත්‍රික්ක වලින් සොයාගෙන. B 1.428 යනුවෙන් හඳුන්වන ඩෙන්මාර්ක් /යුරෝපීය ප්‍රභේදයක් යාපනය නල්ලූර් පොකුරකින්ද B 1.525 නයිජීරියන් ප්‍රභේදය කළුතර බණ්ඩාරගමින් සහ කොළඹින් සොයාගත් බව වාර්තා වෙනවා.
කොළඹ නවලෝක රෝහලේ සාම්පල තුළ B 1.617 ඉන්දියන් ප්‍රභේදය ද B 1.351 දකුණු අප්‍රිකානු ප්‍රභේදය ද මේ වන විට හමුවෙලා.කොළඹ සහ මඩකලපුව ප්‍රදේශවල PCR සාම්පල තුළ B 1.411 යනුවෙන් හදුන්වන ශ්‍රී ලාංකික ප්‍රභේදය හමුවී තිබෙනවා.

පසුගිය අප්‍රේල් 30 වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමට ලැබුණු PCR සාම්පලවලින් මෙම තොරතුරු සොයාගෙන තිබෙන බවයි කියන්නේ.
අප්‍රේල් 8 වෙනිදා බ්‍රිතාන්‍ය ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වන බව සිය පර්යේෂණ තුළින් දැනගත් වහාම තමන් තැති ගැන්මට පත් වූ බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මී පෙර ප්‍රකාශ කර තිබුණා. මෙම තොරතුරු ලැබුණු වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධන බලකායට වාර්තා කිරීමට පර්යේෂණ කණ්ඩායම කටයුතු කළා. එහෙත් පසුගියදා රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ මෙම නව ප්‍රභේදය පිළිබඳව අප්‍රේල් අග වන තුරුත් පර්යේෂණ කණ්ඩායම ස්ථිරව යමක් ප්‍රකාශ නොකළ බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *