“විදේශිකයින්ගේ පැමිණීමෙන් කොරෝනා වැඩි වෙයි” – වසංගත රෝග විද්‍යා අංශය

විදේශිකයින්ගේ පැමිණීමෙන් කොරෝනා වැඩි වෙයි

විදේශිකයින්ගේ පැමිණීමෙන් කොරෝනා වැඩි වෙයි

මෙරටට විදේශිකයන්ට පැමිණීමට අවසර දීමෙන් පසු දිවයිනට පැමිණෙන විදේශිකයින් අතර කොවිඩ් – 19 ආසාදිතයන් වාර්තාවීම ඉහළගිය බවත් අප්‍රේල් මාසයේ මේ වනවිට මෙරටින් හමු වූ ආසාදිතයන් 3,480 දෙනාගෙන් 538ක්ම විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බවත් එම නිසා මෙරටට පැමිණෙන විදේශිකයින් කළමණාකරණය කිරීමට සිදුවන බවත් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් සක්වන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර,

“2021 වසරේ දී මෙරටින් කොවිඩ් රෝගීන් 52,710 ක් වාර්තා වී තිබෙනවා. ඉන් 1593 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධානයනය වෙමින් සිටිය දී හදුනාගත් රෝගීන් වෙනවා. ඒ අනුව විදෙස් රටවල සිට පැමිණි අය අතර, රෝගීන් වැඩිවීමක් අපට දැකගත හැකි වෙනවා. උදාහරණයක් ලෙස අප්‍රේල් මාසයේ මේ වන විට අප රට තුලින් හමු වූ රෝගීන් 3480 දෙනාගෙන් 538 ක්ම විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයයි.

මැදපෙරදිග සහ යුරෝපයේ සිට පැමිණෙන අයත් මේ අතරට ඇතුලත් වෙනවා. මෙම තත්ත්වය තුල විදෙස් රටවල සිට පැමිණෙන අය අප රට තුල කළමණාකරණය කිරිම පිළිබද අපට නැවතත් සමාලෝචනය කිරීමට සිදුවී තිබෙනවා. ලෝකයේ රටවල්වල කොවිඩ් රෝගය රැළි වශයෙන් ව්‍යාප්ත විම නිසා රටවල් සංවරණ සීමා දැඩි කිරීමටත්, සමහර රටවල් ගුවන් ගමන් සම්පුර්ණයෙන් නවතා දැමීමටත් කටයුතු කර තිබෙනවා.

මෙවැනි තත්ත්වයක් තුල අප රට තුළ යම් කිසි තත්ත්වයකින් සාධනීය තත්ත්වයක් අපි උදාකරගෙන කොවඩ්-19 රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සදහා කටයුතු කරනවා. එම තත්ත්වය එම අයුරින්ම පවත්වාගෙන යාම සදහා වෛරසය සමාජය තුලට ඇතුලු වී ඇතිවිය හැකි හානිකාරි තත්ත්වය අවම කර ගැනීම සදහා අප රටට විදේශ රටවල සිට පැමිණෙන පිරිස් යමි කිසි විදියකින් සිමා කිරීමක්, පාලනය කිරිමක්, කිරිමට අපට සිදු වෙනවා.”

කොවිඩ් අවදානම මතුවීමෙන් පසු මෙරටට විදේශිකයන්ට පැමිනීම අත්හිටුවා තිබූ අතර කොවිඩ් අවදානම පහව යාමටත් පෙර විදේශීය සංචාරකයන් මෙරටට ගෙන්වීමට යළි වත්මන් ආණ්ඩුව කටයුතු කළේය. ඊට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වූ නමුත් එම විරෝධතා නොතකා රාජපක්ෂ ඥාතියෙකු වන උදයංග වීරතුංගට ඔහුගේ විදේශීය සංචාරකයන් ගෙන්වීමේ ඒජන්සියක් මගින් අදාළ ව්‍යාපෘතිය සිදු කිරීම සඳහා අනුමැතිය ලබාදෙන ලදී. එ අනුව උදයංග වීරතුංග විසින්ද මෙරටට සංචාකරයන් ගෙන්වීම සඳහා තෝරාගනු ලැබූවේ ඒ වනවිටත් කොවිඩ් ආසාදිතයන් ශීග්‍ර ව්‍යාප්තියක් වෙමින් තිබූ යුක්රේනයෙන්ය. ඒ සම්බන්ධයෙන්ද රට තුළ දැඩි කතාබහක් ඇති වී තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *