(VIDEO) පිස්සු ගෑණි කියූ ලන්සා-ප්‍රසන්න ඇමැතිවරුන් එක්ක දේවානි තනියම හැප්පෙයි

(VIDEO)සංවර්ධන කමිටුවේදී පිස්සු ගෑණි කියූ ලන්සා-ප්‍රසන්න ඇමැතිවරුන් එක්ක දේවානි තනියම හැප්පෙයි - මීගමුව කලපුවේ රොන් මඩ ඉවත් කරන්න

(VIDEO)සංවර්ධන කමිටුවේදී පිස්සු ගෑණි කියූ ලන්සා-ප්‍රසන්න ඇමැතිවරුන් එක්ක දේවානි තනියම හැප්පෙයි - මීගමුව කලපුවේ රොන් මඩ ඉවත් කරන්න

මීගමුව කලපුවේ රොන් මඩ ඉවත්කර සංවර්ධනය කිරීම සඳහා වසර දෙකකට පෙර අරම්භ කළ ව්‍යාපෘතියට වන සංරක්ෂණ නිර්දේෂ නොදීම සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අතර (30) දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

මෙම කලපුව ධීවරයන් 6000කට පමණ සහන ලැබෙන අයුරින් සංවර්ධනය කිරීමට රජය පියවරගෙන ඇති බවත් ඊට අවශ්‍ය නිර්දේශ නොලැබීම හේතුවෙන් රුපියල් මිලියන 600ක පමණ මුදලක් අපතේ යන බැවින් මෙම ව්‍යාපෘතියට නිර්දේශ ලබාදෙන්නැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ඉල්ලා සිටි අවස්ථාවේ දේවානි ජයතිලක අඩවි වන නිලධාරිණිය පැවසුවේ මීගමුව කලපුවෙහි කඩොලාන පද්ධතියට දමා ඇති පස් ඉවත් කිරීමට පියවර ගන්නා තෙක් අවශ්‍ය නිර්දේශ ලබාදීමට නොහැකි බවය.

කලපු ව්‍යාපෘතිය වන අපරාධකුරවකු වී සිටින බැවින් තමන් මෙම නිර්දේශ ලබා නොදෙන බව ද ඇය කීවාය.

මෙහිදී අඩවි වන නිලධාරිණී දේවානි ජයතිලක සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර උණුසුම් කතාබහක් ඇතිවිය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා : – මීගමුව කලපුව ශුද්ධ පවිත්‍ර කර ධීවරයන්ට හා රටට අවශ්‍ය ආකාරයෙන් හදන්න ප්‍රමාද වී තිබෙන්නේ වන සංරක්‍ෂන දෙපාර්තමේන්තුවේ නිර්දේශ ප්‍රමාදවීම නිසා බව ධීවර අමාත්‍යාංශය කියනවා.

අඩවි වන නිලධාරිණී දේවානි ජයතිලක : – මේ කලපු ව්‍යාපෘතිය වන අපරාධකරුවෙක්. අපට වන අපරාධකරුවෙකුට නිර්දේශ දෙන්න බැහැ.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා : – රොන් මඩ ඉවත් කරද්දී පසුගිය කාලයේ පොලිතීන් කිලෝ ගණන් ඉවත් කළා. දැන් ඒ ඉවත් කිරීම සම්පූර්ණයෙන් නැවතිලා. ඔබතුමිය අවසර දෙනවාද නැද්ද කියන්න. එහෙනම් ව්‍යාපෘතිය නතර කරන්න කියන්න පුළුවන්. මේ නිසා මිලියන 600ක මුදලක් භාවිතයට නොගෙන තිබෙනවා.

අඩවි වන නිලධාරිණී දේවානි ජයතිලක : – කඩොලාන පද්ධතියට හානි වන සේ දමා ඇති පස් ඉවත් කළොත් මම ඒ සැණින් නිර්දේශය ලබාදෙනවා. ගැටලුව තිබෙන්නේ වන අපරාධකරුවෙකුට මට අවසර දෙන්න බැහැ.

මහජන නියෝජිතයෙක් : – මීඩියාවලට වචන කියන්න එපා.

අඩවි වන නිලධාරිණී දේවානි ජයතිලක : – අපරාධකරුවෙක් ඉන්නවා නම් අපිට නිර්දේශයක් දෙන්න බැහැ.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා : – කඩොලාන පද්ධතියට පස් දැමීම වෙනත් කරුණක්. මීගමුව කලපුවේ පවතින අපද්‍රව්‍ය ඉවත් කොට සංවර්ධනය කිරීම තවත් සංවර්ධන කටයුත්තක්. ඒ නිසා ඔබතුමිය මෙතන වලිගෙ පාගාගෙන කතා කරන්න එපා

අඩවි වන නිලධාරිණී දේවානි ජයතිලක : – කාර්යයන් පැවරී තිබෙන්නේ මට නෙවෙයි. ධීවර අමාත්‍යාංශයට හෝ ඒ අදාළ පාර්ශවයටයි. වැරැද්ද කර තිබෙන්නේ ඒ අයයි. ඒ නිසා හැමෝම මට පීඩනයක් එල්ල කිරීම වැරදියි. මෙතනදි වැරදි කළ පාර්ශවයට පීඩනය එල්ල කරන්න. ඒ අයට පස් ඉවත් කරන්න කියන්න. එයාලා අවුරුදු දෙකක් තිස්සේ පස් ඉවත් කළා නම් මේ වෙද්දිත් ව්‍යාපෘතිය කරලා. පස් ඉවත් නොකිරීම නිසා කඩොලාන පද්ධතියට වූ හානිය පූරණය කරන්නේ කවුද? එතනත් බිලියන ට්‍රිලියන නෙවෙයි ඊට වඩා හානියක් වී තිබෙනවා. ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මේවායින් විශාල වශයෙන් ඔක්සිජන් ලබාදෙනවා. එතරම් විනාශයක් තිබියදී වැරදිකරුවන් නිදහස් කරමින් අපිට චෝදනා කිරීම කොච්චර වැරදිද?

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර : – අපිටත් මේ ගැන තේරෙනවා. ඔක්සිජන් ගැන අපිත් දන්නවා. මෙහෙම යද්දී තවත් පරිසර හානි සිදුවේවි.

රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ : – කලපුව පවිත්‍ර කර දෙන ලෙස ධීවර කාර්මිකයින් කළ ඉල්ලීමක් අනුව මේ සංවර්ධනය කරන නිසා ප්‍රශ්න පටලවා ගන්න එපා.

ගම්පහ දිසාපති සුනිල් ජයලත් : – රජයේ ව්‍යාපෘතියක් වනඅපරාධකරුවෙක් ලෙස හඳුන්වන්ගේ කොහොමද ?

රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා : – වනයට පරිසරයට, මමත් ආදරෙයි. එය සුරැකීමට කටයුතු කරනවා.

ගම්පහ දිස්ත්‍රික් කමිටු සම සභාපති සහන් ප්‍රදීප් : – මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට කලපුව පවිත්‍ර කිරීමට සහ කඩොලාන පස් ඉවත් කිරීමට අදාළ අංශ සමඟ සකච්ඡාවක් කැඳවීමට කටයුතු කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *