ඇමරිකාවට ගිය මෙරට ඉඩම් මැනිල්ල කොරියාවට යන ලකුණු

ඇමරිකාවට ගිය මෙරට ඉඩම් මැනිල්ල කොරියාවට යන ලකුණු

ඇමරිකාවට ගිය මෙරට ඉඩම් මැනිල්ල කොරියාවට යන ලකුණු

පසුගිය රජය විසින් මෙරට ඉඩම් ඇමරිකානු සමාගමක් සම්බන්ධ කොට මැනුම් ගත කිරීමට සහ සිතියම් ගත කිරීමට ගිය බවත්, එය නවතා මෙම රජය කොරියානු සමාගමක් සමඟ එම ක්‍රියාවලියම සිදුකිරීම සඳහා අවශ්‍ය පිඹුරුපත් සකසමින් සිටින බවත් රජයේ මිනින්දෝරු සංගමය (09) ‍දඹුල්ලේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හෙළිදරව් කළේය.

රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද බණ්ඩාර උඩුගොඩ මහතා කියා සිටියේ මෙම තීරණය ඇතුළු යෝජනා තිස් දෙකක් මේ වන විට රජයට සහ ඉඩම් අමාත්‍යවරයාට ලබාදී ඇතත් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවය.

මිනින්දෝරු සංගමය දින දෙකක් නිවාඩු දමා වෘතීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කොට තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමු නොකරන්නේ නම් ඉදිරියේදී රටේම මිනින්දෝරු සංගමය දැඩි ක්‍රියා මාර්ගයකට එළඹෙන බවත් ය.

දේශීය මිනින්දෝරුවරුන්ට කිසිදු යටිතල පහසුකම් ලබා නොදී උපරිම සේවාවක් ලබා ගැනීම සදහා උත්සාහ කරන බවත් එසේ උත්සාහ කළද සේවා තෘප්තිමත්ව සිදුකිරීම සඳහා අවශ්‍ය පරිසරයක් නොමැතිව ඉතා සූක්ෂම ලෙස මෙරට මැනුම් කටයුතු කොරියානු සමාගමකට පැවරීමට උත්සාහ කරන බවද නිලධාරීහු චෝදනා කරති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *