ත්‍රිකුණාමල වරාය ආසන්නයේ පිහිටා තිබෙන තෙල් ටැංකි සංකීර්ණය සහ අක්කර 500ක් ඉන්දියාවට

ත්‍රිකුණාමලය තෙල් ටැංකි 14ක බදු ගිවිසුම තවත් වසර 50කට අලුත් කෙරේ

ත්‍රිකුණාමලය තෙල් ටැංකි 14ක බදු ගිවිසුම තවත් වසර 50කට අලුත් කෙරේ

ත්‍රිකුණාමල වරාය ආසන්නයේ පිහිටා තිබෙන තෙල් ටැංකි සංකීර්ණය සහ අක්කර 500ක් දක්වා භූමි ප්‍රදේශය ඉන්දියානු ඔයිල් සමාගමට ලබා දීමේ සූදානමක් තිබෙන බව අනාවරණය වේ.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මෙම සැලසුම පිළිබඳව මාධ්‍යයට හෙළි කර ඇත. මුලින් අක්කර 100ක් IOC සමාගමට ලබා දෙන බවද එය අක්කර 500 දක්වා පුළුල් කළ හැකි බවද ඔහු පවසා තිබේ. මේ මඟින් IOC සමාගම විසින් දකුණු ආසියානු ඛණිජ තෙල් කේන්ද්‍රය ලෙසට තෙල් ටැංකි සංකීර්ණය සහ ත්‍රිකුණාමල වරාය මෙන්ම ආශ්‍රිත භූමි ප්‍රදේශය යොදා ගැනීමට නියමිතය.

මේ අතර මීට පෙර ඛණිජ තෙල් ඇමති උදය ගම්මන්පිල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ මේ වනවිටද IOC සමාගමට ලබා දී තිබෙන තෙල් ටැංකි සංකීර්ණයට අයත් තෙල් ටැංකිවල අයිතිය ලංකාවට ලබා දීමට ඉන්දීය මහකොමසාරිස්වරයා එකඟ වූ බවය. එහෙත් ඇමතිවරයා එම ප්‍රකාශ කර පැය කිහිපයක් යාමට පෙර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් එ් බව ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මේ වනවිට ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා හෙළි කර තිබෙන කරුණු අනුව එම තෙල් ටැංකි සංකීර්ණය මුළු මනින්ම ලංකාවට අහිමි වී එම වරායද අහිමි වන තත්වයක් උදා වී ඇති බව සනාථ වේ.

-LT

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *