ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර අභාවප්‍රාප්තවේ

ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර අභාවප්‍රාප්තවේ

ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර අභාවප්‍රාප්තවේ

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු මෙන්ම හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකුද වූ බන්දුල ජයසේකර අද (05) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

වසර දෙකක් පමණ සිට ඔහු රුධිරගත පිළිකා රෝගයකින් පීඩා සිටි අතර මිය යනවිට 60වන වියේ පසු විය.
ඩේලි නිවුස් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘවරයකු වූ බන්දුල ජයසේකර මහතා සිරස නිවුස් ෆස්ට් හි උපදේශකවරයකු ලෙස සේවය කරමින් සිටියේය.

ඔහු කැනඩාව, අමෙරිකාව හා ඕස්ට්‍රේලියාවේ යන රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් ලෙසද සේවය කළේ ය.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූරය හෙබවූ 2011 වර්ෂයේ සිට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කළ ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංවර්ධන හා සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන්ද කළක් කටයුතු කළේය.

මියයන විට ඔහු කරාපිටිය රෝහලේ සහන සත්කාරක මධ්‍යස්ථානයේ ප්‍රථිකාර ලබමින් සිටියේ ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *