ජාතික රුධිර මධ්‍යස්ථානය සතුව පවතින රුධිර සංචිතයේ අඩුවීමක් – ලේ දෙන්න ඉල්ලයි

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතුව පවතින රුධිර සංචිතයේ අඩුවීමක් - ලේ දෙන්න ඉල්ලයි

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතුව පවතින රුධිර සංචිතයේ අඩුවීමක් - ලේ දෙන්න ඉල්ලයි

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතුව පවතින රුධිර සංචිත අඩු වීම නිසා ඉදිරි සති දෙක තුළ රුධිර සංචිත වැඩිකර ගැනීම සඳහා ජනතාවගේ දායකත්වය ලබා දෙන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ඉල්ලා සිටියි.

වෛද්‍ය එදිරිසිංහ මහතා (19) මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ පසුගිය සති දෙකක පමණ කාලය තුළ රුධිර සංචිත සමාලෝචනය කිරීමේදී එහි අඩුවක් පවතින බව තහවුරු වීම නිසා එම සංචිත සම්පූර්ණ කරගැනීමට ජනතාවගේ සහය අපේක්ෂා කරන බවයි.

ඒ අනුව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට අයත් ප්‍රාදේශීය මධ්‍යස්ථාන වෙත පෙ.ව. 08.00 සිට ප.ව. 04.00 දක්වා කාලය තුළ පැමිණ රුධිරය ලබා දිය හැකි අතර දිවයින පුරා පිහිටා තිබෙන රුධිර පාරවිලයන මධ්‍යස්ථාන 107 තුළ හෝ රුධිර කඳවුරු මඟින්ද එම පරිත්‍යාගය කිරීමේ හැකියාව පවතී. එසේම ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ක්ෂණික දුරකථන අංක වන 0115332153 හෝ 0115332154 අමතා ඔබට විස්තර හා ඔබ පැමිණිය යුතු වෙලාවක් ලබා ගත හැකි අතර NBTS.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන්ද රුධිරය ලබා දීම සඳහා මධ්‍යස්ථානයකට පැමිණීමට වෙලාවක් වෙන්කර ගැනීමේ හැකියාව ඇතැයි ඔහු වැඩිදුරටත් පවසයි.

කොරෝනා වසංගතය හමුවේ මතුව ඇති තත්වය සැලකිල්ලට ගනිමින් රුධිර පරිත්‍යාග කරන කඳවුරු සංවිධානය කරන පිරිස් සෞඛ්‍යාරක්ෂිතව එම කටයුතු කරගැනීම සඳහා ප්‍රදේශයේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ, මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සම්බන්ධීකරණයෙන් එම කටයුතු සිදුකරන ලෙසද එදිරිසිංහ මහතා ඉල්ලා සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *