ඇමසන් වනය ඩෝසර් කිරීමට එරෙහිව බ්‍රසීල ආදීවාසින් ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණයට

ඇමසන් වනය ඩෝසර් කිරීමට එරෙහිව බ්‍රසීල ආදීවාසින් ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණයට

ඇමසන් වනය ඩෝසර් කිරීමට එරෙහිව බ්‍රසීල ආදීවාසින් ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණයට

ට්‍රම්ප්ගේ ලඟම දේශපාලන මිතුරා ලෙස සැලකෙන බ්‍රසීලයේ ජනාධිපති හා අන්තජාතිවාදීයෙකුවන Jair Bolsonaro මේ වනවිට කොරෝනා වසංගතය පාලනය කර ගැනීමට අපොහොසත්වීම මත දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලී සිටි. එයින් මිදීම සඳහා එකම විකල්පය ලෙස ඔහු අපේක්ෂා කරනුයේ ඇමසන් වනාන්තරය විනාශකර ආයෝජන සඳහා යයි පවසමින් කෘෂි ආහාර හා මාංශ නිෂ්පාදනය කරනු ලබන බහු ජාතික සමාගම්වලට විකුණා දැමීමට සූදානම් වේ.

මිට මාසයකට පමණ පෙර බ්‍රසීලය බංකොලොත් බවත් තමන්ට කල හැකි දෙයක් නොමැති බවත් මාධ්‍ය ඉදිරියේ හඬමින් පවසා සිටියේද මෙම ජනාධිපතිවරයාම වේ. 2019 ඔහු බලයට පත්වූ දා සිට ඇමසන් වනය ඩෝසර්කර බහු ජාතික සමාගම් වලට විකිණීමේ සැලසුම් සකස් වෙද්දී එම වසරේ අගෝස්තු මාසයේදී මුළු ලොවම කම්පනයට පත් කරමින් ඇමසන් වනය හදිසි ගින්නකින් දැවී ගියේය. මෙම අභිරහස් ගින්න හා ඊට පසු Jair Bolsonaro ගේ අත්තනෝමතික ප්‍රකාශයන් හේතුවෙන් එරට වෙසෙන රතු ඉන්දියානු ජනතාව ඇමසන් වනය බේරාගැනීමට ලෝක ප්‍රජාවට ආයාචනය කළේය. එහිදී ලෝක නායකයින් මෙන්ම ඒ.ජා සංවිධානයේ ලේකම්වරයා වන Antonio Guterres විසින්ද Bolsonaro විවේචනය කරමින් නිවේදන නිකුත් කරන ලදී. ගින්න මැඩලීමට මැදිහත් නොවීම හා එය සාධාරණය කිරීමට තුල එයට ඔහුගේ සම්බන්ධය තව දුරටත් තහවුරු විණි.

ඇමසන් වනය යනු රටවල් නවයක් පුරා විහිදී තිබෙන වර්ග කිලෝමීටර් මිලියන 6.7 ප්‍රමාණයකින් යුතු ජෛව විවිධත්වය ගහණ විශාල වැසි වනාන්තරයක් වන අතර එයින් 60%ක් පිහිටා තිබෙන්නේ බ්‍රසිලය තුලය. ලෝකයේ පෙනහැල්ල ලෙස සැලකෙන ඇමසන් වනය ලෝකයට 20%ක ඔක්සිජන් ප්‍රමාණයක් ලබාදෙන අතර 14%ක CO² ප්‍රමාණයක් අවශෝෂණය කරගනු ලබයි. 2019 දී සිදුවූ හදිසි ගින්න හේතුවෙන් ආදීවාසින්ගේ සම්ප්‍රදායික වාසස්ථාන 148ක් විනාශවී ගොස් තිබේ.

වසර 50 තුල ඇමසන් වනාන්තරයේ 20%(78500KM²)ක ප්‍රමාණයක් වාසස්ථාන, ජල විදුලි බලාගාර, මහා මාර්ග ඉදිකිරීම් ඉලක්ක කරමින් සිදුකල රාජ්‍ය හා බහුජාතික සමාගම් මැදිහත් වීම් නිසා විනාශ වී ගොස් ඇත. 2019 Jair Bolsonaro බ්‍රසීලයේ ජනාධිපති වූ පසු වර්ග කිලෝමීටර් 10123 ප්‍රමාණයක් ඇමසන් වනාන්තරයට අහිමි වී ඇත. පතල් කැපීමට, සෝජා හා කෘෂි හා මාංශ ආහාර නිෂ්පාදනය කරනු ලබන ලොව බහු ජාතික සමාගම් වලට “ආයෝජන” ලෙස සලකා විකිණීම හා බදුදීමටත් එහි වෙසෙන මිලියනයකට අධික රතු ඉන්දියානු ජනතාව පලවා හැරීමත් ඇමසන් වනය හරහා අධිවේගී මාවතක් ගොඩනැගීමත් ඔහුගේ අරමුණ වී තිබේ. මේ නිසා බ්‍රසීලයට එරෙහිව සම්බාධක පැනවීමටත් සමහර රටවල් යෝජනා කර ඇත.

බ්‍රසීලයේ 60 දශකයේදී පැවතී මිලිටරි පාලනයේ ගෝනිබිල්ලෙකු ලෙස ක්‍රියාකිරීම නිසාත්, හමුදාවට ඇතුළු වී අළුගෝසුවෙකු ලෙස රාජ්‍ය විරෝධීන් තිරස්චීන ලෙස ඝාතනය කිරීමට දායකවීම නිසාත් කපිතාන්වරයෙකු දක්වා උසස්වන Bolsonaro 2019 දී කළු ජනතාව, මිශ්‍ර ජනතාව හා රතු ඉන්දියානු ජනතාව ඉලක්ක කරමින් සිදුකල ජාතිවාදී මැතිවරණ ප්‍රවාහයක් ඔස්සේ එරට ජනාධිපතිවරයා ලෙස තේරී පත් විණි. බලයට පත් වූ දා සිට ඔහු ට්‍රම්ප්ගේ මිතුරෙකු ලෙස පෙනී සිටියේය.

ගින්න ඇති වූ අවස්ථාවේ එරට ප්‍රධාන පෙලේ රාජ්‍ය ආයතනයක් සඳහන් කලේ, (l’Instituto Nacional de Pesquisas Espaciais, INPE) Bolsonaro පාලනය විසින් ගිනි 75 336 සංඛ්‍යාවක් ඇමසොන් වනය තුල මාස 8ක් තුල සිදුකර ඇති බවයි. එයින් කෝපයටපත් බොල්සොනාරෝ තම පරිසර ඇමති Ricardo Salles එම ධූරයෙන් ඉවත්කර එයට හමුදා නිලධාරියෙකු පත්කරගනු ලැබුවේ ගින්නේ වගකීම දේශීය රතු ඉන්දියානු ජනතාව සිදුකරනු ලැබූ ක්‍රියාවක් ලෙස හුවා දක්වමිනි.

තමන් හමුදාවේ සිටි ” විදුලි කියතක්” වැනි කපිතාන් වරයෙකු බවත් තමන්ට අවශ්‍ය ඇමසන් වනයේ සිටින සතුන් (රතු ඉන්දියන් ජනතාව) ශිෂ්ඨ සම්පන්න කරලීම බවට සිදු කරන ලද ප්‍රකාශයක් සමග රතු ඉන්දියානු නායකයින්, සිවිල් සංවිධාන, වමේ පක්ෂ එක්වී එයට විරෝධය පා බ්‍රසිල් අගනුවරදී දැවන්ත විරෝධතාවයක් පවත්වන ලදී.

එයින්ද නොනැවතුණු කපුවා ගෝත්‍රයේ නායක, Raoni Metuktire ඊයේ ජනවාරි 24 වැනිදා, ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණයේ (CPL) ජන සංහාරය, පරිසර සංහාරය හා රතු ඉන්දියානු ජනතාවගේ සංස්කෘතික හා සම්ප්‍රදායික ජීවිතය සංහාරය කිරීම යටතේ මානවවාදයට එරෙහිව සිදුකරන අපරාධ ලෙස සලකා Bolsonaroට එරෙහිව නෙදර්ලන්තයේ (La Haye)ලාහේ පිහිටා තිබෙන එම අධිකරණය ඉදිරියේ නඩුවක් පවරන ලදී.

ඇමසන් වනය ආරක්ෂා කරගැනීමට හා ආදී වාසි ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් 1954 සිට සටන් වදින, 90 වැනි වයසේ පසුවන Raoni Metuktire හට ලෝක ප්‍රකට ගායක sting, හොලිවුඩ් නළු Arnold Schwarzenegger හා වතිකානුවේ පාප් වහන්සේගේ පවා සහය ඒ සඳහා ලැබී ඇත.

“bolsonaro ගේ අරමුණ ඇමසන් විනාශ කිරීමට එරෙහි සියළුදෙනා ඉවත් කිරීමයි. මේ වනවිට රතු ඉන්දියානු නායකයින් 7 දෙනකු මරා දමා අවසන්. මෙතැන තිබෙන්නේ සුදු හෝ කළු හෝ රතු ජනතාවගේ ප්‍රශ්ණයක් නොවේ. මෙය සමස්ථ පෘථිවියටම බලපාන ඔක්සිජන් හිඟ වීම පිලිබඳ ප්‍රශ්ණයක්. මේ නරකයා බලයෙන් ඉවත් කිරීමට මා හට සහය දෙන ලෙස ලොව සියළු ආදීවාසි ජනතාවගෙන් හා පරිසර හිතකාමින්ගෙන් ඉල්ලා සිටිනවා” Raoni Metuktire තම පැමිණිල්ලට අත්සන් තබමින් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

– LT

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *