වඳවී ඇතැයි සැලකූ දුර්ලභ ශාකයක් වසර 100කට පසු යළි හමුවෙයි

වඳවී ඇතැයි සැලකූ දුර්ලභ ශාකයක් වසර 100කට පසු යළි හමුවෙයි

වඳවී ඇතැයි සැලකූ දුර්ලභ ශාකයක් වසර 100කට පසු යළි හමුවෙයි

වසර 100කට වඩා සැඟවී තිබූ දුර්ලභ ශාකයක් යළිත් හමුවී තිබේ.

රෝස පැහැති මල් හට ගන්නා මෙම ශාකය ග්‍රාස් පොලී (grass-poly) ලෙස හඳුන්වන අතර එම ශාකය හමුවී ඇත්තේ, එංගලන්තයේ නෝෆෝක්හි අත්හැර දැමූ පැරණි පොකුණකිනි.

එම පොකුණ ප්‍රතිසංස්කරණය කරමින් සිටියදී මෙම දුර්ලභ ශාකය හමුවී තිබේ.

විද්‍යාඥයින් පවසන්නේ, මෙම ශාකය සංරක්ෂණය කිරීම මගින් උද්භිද විද්‍යාත්මකව ඉතා වැදගත් මෙම ශාකය යළිත් ආරක්ෂා කර ගත හැකි වනු ඇති බවය.

ලන්ඩන් යුනිවර්සිටි කොලේජ්හි මහාචාර්ය කාල් සේයර් පැවසුවේ, අදාළ පොකුණ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සොයා බැලීමට ගිය අවස්ථාවේ තමන් එම ශාකය නිරීක්ෂණය කළ බවය.

ලයිත්‍රම් හිසොපිෆෝලියා (Lythrum hyssopifolia) යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන එම ශාකය අවසන් වරට නිරීක්ෂණය වී ඇත්තේ, මීට සියවසකට පමණ ඉහතදීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *