Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා කාන්තා චෙස් කණ්ඩායම ආසියාවේ 7වැනි තැනට

ශ්‍රී ලංකා කාන්තා චෙස් කණ්ඩායම ආසියාවේ 7වැනි තැනට

ශ්‍රී ලංකා කාන්තා චෙස් කණ්ඩායම ආසියාවේ 7වැනි තැනට

ඔන් ලයින් ක්‍රමයට මුල්වරට පැවැති ආසියානු කාන්තා- පිරිමි චෙස් ශූරතාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා චෙස් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේ දී පිලිපීනය හමුවේ පරාජය වෙමින් රටවල් 31කින් 7වැනි ස්ථානයට පත් විය. අර්ධ අවසන් වටයේ සිට තරගාවලිය පිළිමලුන් පිටු දැකීමේ ක්‍රමයට පැවැති අතර, පිලිපීනයට පරාජය වූ ශ්‍රී ලංකා කාන්තා පිල තරගාවලියෙන් ඉවතට විසි විය.

ශ්‍රී ලංකා චෙස් ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා කණ්ඩායමක් ලද විශාලම ජයග්‍රහණය මෙය වන අතර පළමු වරට ආසියානු ඔන් ලයින් චෙස් තරගාවලියක ප්‍රදර්ශනය කරන ලද හොඳම දක්ෂතාවකි.

නුගේගොඩ දෙල්කඳ චෙස් සම්මේලන මූලස්ථානයේ සිට මූලික වටයේ අවසන් තරග දෙකට ඔන්ලයින් ක්‍රමයට තරග කළ ශ්‍රී ලංකා කාන්තා චෙස් පිල ආසියාවේ දෙවැනි ස්ථානයේ සිටින පිලිපීනය සමඟ ක්‍රීඩා කළ අතර අත්දැකීම් බහුල පිලිපීන ක්‍රීඩිකාවෝ මුල සිටම ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් එල්ල කළහ. එන්.එස්. ත්‍රී චෙස් කණ්ඩායමේ සචිනි රණසිංහගේ නායකත්වයෙන් ආසියානු තරගාවලියට එක්වු ශ්‍රී ලංකා කාන්තා චෙස් පිලට වත්මන් ජාතික ශූරී මහනුවර උසස් බාලිකා විදුහලේ නෙත්මී ප්‍රනාන්දු, මිෂෙල් ජාත්‍යන්තර පාසලේ අශ්විනී පවල්චන්ද්‍ර, කොළඹ විශාඛා විදුහලේ තරුෂි නික්ලේෂා හා කොළඹ දේවී බාලිකාවේ 14 හැවිරිදි තරුෂී සංදීපනී ක්‍රීඩා කළහ.

මේ තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා පිරිමි චෙස් කණ්ඩායම රටවල් 38ක් අතුරින් 18 වැනි ස්ථානයට පත්ව තරගාවලියෙන් ඉවතට ගියේය. ශ්‍රී ලංකා පිරිමි චෙස් පිල ටජිකිස්තානය, කිරිගිස්තානය හා බංග්ලාදේශය හමුවේ පරාජයට පත් විය..

Exit mobile version