මුස්ලිම් ඡන්දවලින් තමයි 20 සම්මත කරන්න පුළුවන් වුණේ – මුජිබුර් රහ්මාන්

ආණ්ඩුව රටේ තීන්ත ඉවර වෙන තුරු සල්ලි අච්චු ගහනවා; මේක නං නවතින පාටක් නැහැ - මුජිබර් රහුමාන්

ආණ්ඩුව රටේ තීන්ත ඉවර වෙන තුරු සල්ලි අච්චු ගහනවා; මේක නං නවතින පාටක් නැහැ - මුජිබර් රහුමාන්

20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට සහාය දුන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාව සැලකිල්ලට ගෙන හෝ කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම්වරුන්ගේ මරණයන් භූමදානය කිරීමට රජය ඉඩ දිය යුතු බව විපක්ෂ සාමාජික මුජිබුර් රහ්මාන් මහතා පැවසීය.

කොරෝනා සොඛ්‍ය අර්බුදය පිළිබඳ පාර්ලිමේනතුව කල් තැබීමේ යෝජනා ඉදිරිපත් කරමින් ඔහු මේ බව කියා සිටියේය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු,

කොරෝනා ආසාදනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කරන බවත් එය උල්ලංඝණය නොකරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත. පසුගිය මාර්තු මාසයේ හඳුන්වා දුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය මාර්ගෝපදේශය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.

කොරෝනා ආසාදනය නිසා මියයන්නවුන් භූමදානය හෝ ආදාහනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයෙහි සඳහන් වේ. අපේ රටේ කෙනෙකු මිය ගිය විට එම මරණය ඔවුනොවුන්ගේ සංස්කෘතිය ප්‍රකාර භූමදානය හෝ ආදාහනය කරති. නමුත් කොරෝනා මගින් සිදුවන මරණයන් ඉන්දියාව වැනි රටවල භුමදානය හෝ ආදාහනය කිරීමෙන් සිදු කරති. අපේ රටේ මෙම ප්‍රශ්නය මතුවූ විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පවසා සිටියේය එවැනි මරණයන් ආදාහනය කිරීමට පමණක් අනුමැතිය ලබාදෙන බවයි.

කොරෝනා ආසාදනයෙන් මියගිය අය භූමදානය කිරීමෙන් එම රෝගය නැවත පැතිරෙන්නේ නැති බවට වසංගත රෝග විද්‍යාඥ පබා පළිහවඩන මහතා පවසා ඇත. එසේ තිබියදී රජය දේශපාලනික තීරණයක් ලෙස ආදාහනය කළ යුතුයි යන තීරණයට එළෙඹ තිබුණී.

එම තීරණය දේශපාලනික තීරණයක් බැවින්, දැන් 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට සහාය දුන් මුස්ලිම් මන්ත්‍රීරුන්ගේ ක්‍රියාව සැලකිල්ලට ගෙන හරි කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම්වරුන්ගේ මරණයන් භූමදානය කිරීමට රජය ඉඩ දිය යුතුයි. බව විපක්ෂ සාමාජික මුජිබුර් රහ්මාන් පැවසීය.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *