Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු ට ICC යෙන් පැසසුම්

හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු ට ICC යෙන් පැසසුම්

හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු ට ICC යෙන් පැසසුම්

නව රජයේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත්වී ඇති නාමල් රාජපක්ෂ මහතා වෙත ට්විටර් (Twitter) මගින් සුභ පැතුම් එක් කිරීමේ පණිවුඩය සමග, ක්‍රිකට්වල පවතින දූෂණ වංචා තුරන් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සිදුකල උත්සාහයන්  ICC ( ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ) දූෂණ විමර්ශන ඒකකයේ සම්බන්ධීකරණ නිළධාරි ස්ටීව් රිචඩ්සන් විසින් පැසසුම් එක් කරමින් ඇගයීමට ලක්කොට ඇත.

ICC යෙහි දූෂණ වැලැක්වීමේ අංශයෙහි නව සභාපති ලෙස පත්වූ ඇලැක්ස් මාර්ෂල් තම තනතුරේ රාජකාරිය භාර ගැනීමෙන් පසුව ලංකාවේ ක්‍රිකට්වල කීර්ති නාමය පළුදු වී තිබුණි. ඇතැම් අය වංචා දූෂණ ක්‍රියා නිසා තනතුරුවලින් ඉවත් කරනු ලැබූහ.

එවැනි තත්වයකදී යහපාලන රජය යටතේ පත්වූ ක්‍රීඩා අමාත්‍යවරුන් හතර දෙනා අතුරින් අවසන් වරට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස භාරව සිටි හරින් ප්‍රනාන්දු ක්‍රීඩාව සම්බන්ධ දූෂණය වරදක් ලෙස නීතිගත කර එහි වරදකරුවන්හට සිර දඩුවම් ලබා දෙන ක්‍රමයක් ඇති කිරීමට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව ක්‍රීඩාවන්හි වංචා දූෂණය නීතිගත කළ පළමු ආසියාතික රට ලෙස ශ්‍රී ලංකාව පැසසුම් ලැබීය. ලංකාවේ මෙම ක්‍රියාව ICC පැසසුමට ලක්කර ඇත.

Exit mobile version